Sunday, September 8, 2013

ඵලදායී වෙබ් අඩවියක් තැනීම Tips

සුළු පරිමාණ ව්‍යාපාරයක් සඳහා ඵලදායී වෙබ් අඩවියක් තැනීමේ මඟ

 

සාර්ථක වෙබ් අඩවියක් සාදන්නේ කෙසේද? ඒ සඳහා සංකීර්ණ වෙළඳ ලකුණු හෝ විච්චූරණ සජීවීකරණ යොදා ගත යුතු නොවේ. සැබවින්ම සාර්ථක වෙබ් අඩවියක් ඔබේ අරමුණ ගනුදෙනුකරුට මනාව පැහැදිලි කරමින් ව්‍යාපාරයේ සමස්ත උපාය මාර්ග සමඟ සුසංයෝග වන්නකි.
වඩා හොඳ වෙබ් අඩවියක් නිර්මාණය සඳහා උපදෙස් 10ක් පහත දැක්වේ:

  • ඔබේ අරමුණු පැහැදිලිව හඳුනා ගන්න.
  • වෙබ් අඩවිය යාවත්කාලීන කරන්න.
  • බාගත වීමට බොහෝ වේලා ගත නොවිය යුතුය
  • ආපසු ඇමතීමේ " පහසුකම ලබා දෙන්න"
  • කිසිවිටක" ඉදා වෙමින් පවතී " යැයි සඳහන් නොකරන්න
  • එය කියවන්නේ කවුදැයි හඳුනා ගන්න
  • එහි වැරදි ඉතිරි නොකරන්න
  • ආපසු මුල් පිටුවට යාම පිණිස " ආපසු මුල් පිටුවට " පහසුකම ලබාදෙන්න
  • වෙබ් ඇණවුම්කරණ‍ය සෘජු හා පහසු කරන්න
  • එහි පිවිසීම තෘප්තිකර දෙයක් බවට පත් කරන්න
ඔබේ අරමුණු පැහැදිලිව හඳුනා ගන්න.

ඔබේ වෙබ් අඩවියේ ප්‍රයෝජනය කුමක්ද? ඔබට එහි භාණ්ඩ විකිණිමට අවශ්‍යද? ඔබ නව ගනුදෙනුකරුවන් සොයනවාද? වර්තමාන ගනුදෙනුකරුවන්ට වැඩි විස්තර සැපයීමද? ඔබට අවශ්‍ය අන්තර්ජාල තොරතුරු පත්‍රිකාවක් හෝ ඊට වඩා සංකීර්ණ වූවක්ද? ඔබ අන්තර්ජාලය ඔස්සේ කුමක් ලබා ගැනීමට අදහස් කරන්නේද යන්නට අනුව වෙබ් අඩවිය සාදා ගන්න. ඔබේ අළෙවි හා ව්‍යාපාර සැළසුම් මනාව අධ්‍යනය කර සමාගමේ දැක්ම හා ප්‍රතිරූපය වෙබ් අඩවිය මඟින් හොඳින් නිරූපනය වන බව තහවුරු කර ගන්න.



වෙබ් අඩවිය යාවත්කාලීන කරන්න.
ඔබේ වෙබ් අඩවියට කෙනෙක් යළි යළිත් පැමිණීමට නම් එහා අන්තර්ගතය නිතර යාවත්කාලීන කරන්න. ඊට නව රූප, නිශ්පාදන හෝ සමාගම පිළිබඳ තොරතුරු, ගනුදෙනුකරුවන්ට වැදගත් වන ලිපි හෝ ප්‍රයෝජනනවත් හෝ වටිනා වෙනත් ඕනෑම යමක් යොදා අලත් කරන්න. එම ප්‍රයත්නයන්ට ආධාර පිණිස " අලුත් දේ " අංශයක් අරඹා නව තොරතුරු සොයා ගැනීම පහසු කරන්න.


බාගත වීමට බොහෝ වේලා ගත නොවිය යුතුය

අන්තර්ජාලය භාවිතා කරන්නන් ඉවසුම් රහිත බව ඉතා ප්‍රකටය. ඔබ යොදන රූප බාගත වීමට බොහෝ වේලා ගත වේ නම්, අන්තර්ජාලයේ සැරිසරන්නන් ඔබේ වෙබ් අඩවිය අත් හැර දමා වෙනතක යනු ඇත. ආකෘතිය හා වර්ණය වශයෙන් විශාල දෘශ්‍ය යෙදුම් වෙනුවට කුඩා රූප පොකුරු භාවිතා කරන්න. බාගත වීමට බොහෝ වේලා ගත වන සංකීර්ණ අලංකරණ මෙවලම් ඉවත් කර ඔබේ වෙබ් පිටුව ආකර්ශනීය ලෙස තබා ගත හැක. පෙළ සඳහා ද මෙය වලංගු වේ; බොහෝ දිගු පෙළ මෙන්ම තමාට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට කියවන්නා වෙහෙසට පත් කරන අන්දමේ දිගු ලැයිස්තු ද ඉවත් කරන්න.


ඔබව " ඇමතීම පහසු කරන්න"

වෙබ් අඩවිය තුළ ඔබේ ඊ-මේල් ලිපිනය, දුරකතන අංකය, ලිපිනය සහ ඔබ අන්තර්ජාලයේ භාණ්ඩ හෝ සේවා විකුණන ව්‍යාපාරයක් කරන්නේ නම් ඇණවුම් කිරීම සඳහා උපදෙස් ද ඉතා පැහැදිලිව දක්වන්න. එම තොරතුරු හැකි සෑම තැනකම යොදන්න. ඔබ ඇමතීමට අවශ්‍ය අයකුට එම තොරතුරු පහසුවෙන් සොයා ගත හැකි විය යුතුය..


කිසිවිටෙක " නිම කෙරෙමින් පවතී " ලෙස යොදන්න එපා.

යමක් අන්තර්ජාලයේ පළ කිරීමට තරම් සුදානම් කර නැති විට " එය ඉදි කෙරෙමින් පවතී " යැයි සඳහන් කොට වෙබ් අඩවියට යෙදීමෙන් වළකින්න. නිමා නොවුණු යමක් බාගත කිරීමට තම කාලය වැය කරන ගණුදෙනුකරුවෝ අපේක්ෂා භංග වෙති.. ඔබේ අනෙක් අලෙවිකරණ මෙවළම්වලට සමානව වෙබ් අඩවිය ගැන ද සලකන්න. ඔබ යමක් ප්‍රදර්ශනය කිරීමට පෙර වෙබ් අඩවියට දමනවා නම් "ළඟඳීම" යැයි සඳහන් කරන්න.


ඔබේ ප්‍රේක්ෂකාගාරය හඳුනා ගන්න

ඔබ සංයුක්ත තැටි, වයෝවෘද්ධ පුද්ගලයින්ට අවශ්‍ය ද්‍රව්‍ය හෝ වෙන කුමක් අලෙවි කළත් ඔබ ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂා කරන ප්‍රජාවට ගැලපෙන අන්තර්ගතයන් හා නිමාවක් ඊට තිබිය යුතුය. වෙබ් අඩවිය ද වෙනස් ඕනෑම ප්‍රචාරණ දැන්වීමක් මෙනි. එනම් ඔබට පැහැදිලිව දිස් වුවද නොවුණද එමඟින් ඔබේ සමාගමේ ප්‍රතිරූපය අන්තර්ජාල ප්‍රජාව කරා ගෙන යනු ලැබේ.


එහි වැරදි හෝ අඩුපාඩු නොතබන්න

යම් අංගයක් මනාව ක්‍රියා නොකරයි නම් එය වෙබ් අඩවියට නොදමන්න. ඔබේ අමුත්තන් යනු පරීක්ෂාවට භාජනය වීමට සුදුස්සන් නොවේ. සෑම දිගු දිගුවත්ම පිරික්සන ක්‍රියා නොකරන හා වැරදි සහගතව ඒවා ඉවත් කරන්න. ඒමා මඟින් ගණුදෙනුකරුවන් කල කිරෙනු හැර වෙනත් ප්‍රයෝජනයක් නැත. එහි පළ කරන සෑම දෙයක්ම සේන්දුපත් බලනන්, අකුරු හා ව්‍යාකරණ දෝෂ, දුර්වල වාක්‍ය ආදිය ඔබ වර්ධනය කර ගැනීමට උත්සහ කරන වෘත්තීය ප්‍රතිරූපයට බාධා කරයි.


නැවතත් " මුල් පිටුවට " යාම සඳහා දිගුවක් සෑම පිටුවකම තබන්න.

ආපසු මුල් පිටුවට පහසුවෙන් පැමිණිය හැකි බව දන්නා විට කෙනෙක් වෙබ් අඩවිය තුළ ඔබ බොම ගොස් බැලීමට පෙළඹෙයි. එය සෑම පිටුවකටම ඇතුල් කරන්න. ඔබට කළ හැකි තවත් දෙයක් නම්: බලන්නන් හට තමා කැමති දේ පහසුවෙන් සොයා ගත හැකිවන පරිදි වෙබ් අඩවියේ සිතියමක් ඊට ඇතුල් කිරීමයි. අවශ්‍ය නම් " නැවතත් සිතියමට " යාම සඳහා දිගුවන් යෙදිය හැක. වෙබ් අඩවිය තුළ සැරිසැරීම පහසු දෙයක් බවට පත් කරන්න.


ඇණවුම්කරණය සෘජු හා පහසු කරන්න.

ඔබ යම් භාණ්ඩයක් විකුණනවා නම් එය ඇණවුම් කිරීම පහසු දෙයක් කරන්න. නිෂ්පාදනයේ රූප, මිල හා විස්තර පැහැදිලිව සඳහන් කළ යුතුය. ඇතැම් විකුණුම්කරුවෝ පාරිභෝගිකයින්ට භාණ්ඩ එක් කිරීමටත් ඉන් ඉවත් කිරීමටත් හැකිවන ආකාරයේ සාප්පු කරත්ත යොදා ගනිති. ඔබේ වෙබ් අඩවියෙන් සෘජුවම ඇණවුම් කිරීමේ පහසුකම ලබා දෙන්න. එසේම අන්තර්ජාල ගණුදෙනු කෙරෙහි විශ්වාසය නොතබන අය සඳහා සාම්ප්‍රදායික ඇණවුම් ක්‍රම වන දුරකතන තැපැල් හා ෆැක්ස් මඟින් ඇණවුම් කිරීමේ පහසුකම ලබා දෙන්න.


එහි පිවිසීම තෘප්තිකර දෙයක් බවට පත් කරන්න.

හොඳ විහිලූ යොදා ගැනීම සුදුසු තැනකදී එය යොදා ගන්න. ඔබේ සමාගම සතුව ආකර්ශනීය ඉතිහාසයක් ඇත්නම් එය සඳහන් කරන්න. ඔබේ ව්‍යාපාරය සමඟ යම් මුහුණක් සම්බන්ධ කිරීමට ජනතාව ප‍්‍රිය කරති. එහෙයින් ඔබේ හා සමාගමේ ප්‍රධාන සේවකයින්ගේ ඡායාරූප හා විස්තර වෙබ් අඩවියට ඇතුල් කිරීම ගැන සළකා බලන්න.



ප්‍රකාශන හිමිකම © 1995-2008, American Express Company. සියලුම හිමිකම් ඇවිරිණි.

                 ඔබට ඔබේම වෙබ් අඩවියක් අවශ්‍යද ?

 එහෙනම් මෙන්න හොදම තැන​, මෙය 100% නොමිලේ ශ්‍රී ලාංකික අප සදා හදුන්වා දෙන සේවාවකි .. ඔබත් අදම මෙහි වෙබ් අඩවියක හිමි කරුවෙක් වෙන්න​.

මෙතනින් රෙජිස්ටර් වෙන්න​  

                                      ඔබන්න​-Click

මෙය බොහොම සරල එකක්
කිසිම අමතර දැනුමක් අවශ‍‍ය්‍ය නැත​
ඔබට ඉතාමත් පහසුවෙන් මෙය හැසිරිය හැකී ..

1 comment: