Tuesday, September 3, 2013

ඔබගේ blogger site එකේ Gadgets/widgets හඳුනාගනිමු

                  Gadgets/widgets හඳුනාගනිමු

 

අද පාඩමේදී අප blogger විසින් නොමිලයේ සපයන විවිධ වර්ගයේ Gadgets හා ඒවායේ අවශ්‍යතාවය පිලිඹදව සොයා බලමු.

Basic Gadgets

1. Follow by Email

මෙම Gadget එක මගින් ඔබගේ blog අඩවිය කියවන අයට blog/web අඩවියට අලුතෙන් එක්කරන posts(කරුණු) පිළිඹඳව කෙටි විස්තරයක් e-mail මගින් යැවීමට සැලස්වීමට පුලුවන්. ඒ සඳහා අවශ්‍යය e-mail  ලිපිනය ලබා දීමට සලස්වයි (subscribe). Blog/web අඩවියකට ඉතා වැදගත් gadget එකකි.

2. Popular Post
නමෙහි සඳහන් ආකරයටම ඔබගෙ blog අඩවියේ ජනප්‍රියම posts පෙන්වීමට මෙම Gadget එක යොදාගත හැකියි.


3. Blogger’s stats
මෙමගින් blog/web අඩවිය නැරඹූ සංඛ්‍යාව (Page views) දක්වයි. මෙය blog/web අඩවියහි traffic පිළිඹඳව වැදගත් වන අංගයකි. Blog අඩවියකට වැදගත් Gadget එකක්.
4. Pages
මෙමගින් blog අඩවියට එක්කර ඇති  pages ගොනුව පෙන්වයි. Pages ගැන පසු පාඩමකදී කියලා දෙන්නම්. Blog අඩවියකට වැදගත් Gadget එකක්.
5. Adsense
Google Adsense ads දර්ශනය කිරීමට සකසා ඇති gadget එකකි. ඔබට adsense account  එකක් ඇත්නම් එය blogger blogs සමඟ සම්භන්ධ කර google ads දමා ගත හැකියි. Blogs/web sites භාවිත කර මුදල් ඉපයීමට වැදගත් වන gadget එකකි.
6. Followers
ඔබගේ blog අඩවිය කියවන අයගේ නම් ලයිස්තුවක් පෙන්වනු ලබයි. මෙම gadget එක  භාවිත කර ඔබේ මිතුරන්ට ඔබගේ blog අඩවිය කියවන  (Followers) අය විය හැකියි. . Blog අඩවියකට වැදගත් Gadget එකක්.
7. Search Box
ඔබගේ blog අඩවිය තුල පලකර ඇති යමක් සොයා ගැනීමට(search) මෙය භාවිත කරන්න පුලුවන්.
8. HTML/JavaScript
මෙය ඉතා වැඳගත් gadget එකක්. මෙමගින් අපට HTML හෝ JavaScript කේත(Stripts) කොටසක් blog එකට එක් කිරීමට යොදාගන්න පුලුවන්. තුන්වන පාර්ශවයක් මගින් අප ලබාගන්නා HTML/JavaStript අඩවියේ දර්ශණය කිරීමට මෙය භාවිත කරන්න පුලුවන්. උදාහරණයක් ලෙසට මෙම blog අඩවියේ 'Enter your email address ' කොටස එක්කර ඇත්තේමෙම Html/JavaScript gadget එකක් භාවිත කරලයි.
9. Text
Blog අඩවියට යම් වාක්‍ය කොටසක්(test) එක් කිරීමට අවශ්‍ය නම් මෙම gadget භාවිත කරන්න පුලුවන්. උදාහරණයක් ලෙසට ඔබට ඔබගේ blog අඩවියේ පිලිගැනීමේ පණිවුඩය මෙම gadget එකක් භාවිතයෙන් දර්ශනය කරන්න පුලුවන්.

10. Picture
Blog එකට පින්තූරයක් එක් කිරීමට මෙම gadget එක යොදාගත හැකියි.
11. Slideshow
මෙම widget එක භාවිත කර ඔබට පින්තූර සමූහයක් Slideshow එකක් ආකාරයෙන් දර්ශනය කිරීමට පුලුවන්.


12. Video Bar
Youtube.com හෝ Google Video එකක් blog එක තුලට add කිරීමට මෙමගින් පුලුවන්.




13. Poll
ඔබට blog අඩවිය තුලින් පහසුවෙන් ජනමත විමසුමක් කිරීමට අවශ්‍යනම් ඒ සදහා මෙම widget එක භාවිත කරන්න පුලුවන්.


14. Blog List
ඔබ කියවන ඒ වගේම ඔබගේ යහළුවන් සමග share කර ගැනීමට කැමති blog අඩවි ලයිස්තුවක් දිස්කිරීමට මෙම gadget එක මගින් පුලුවන්. blog අඩවියකට වැදගත් වන gadget එකකි.

15. Feed 
මෙම gadget එක මගින් RSS හෝ Atom feed එකක් දිස්වීමට සැලස්විය හැකියි. feeds පිළිඹදව වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න.


16. Newsreel
ඔබටත් ඔබගේ blog අඩවිය තුලින් Google news දිස්වීමට සැලස්වීමට මෙම gadget එක මගින් පුලුවන.


17. Labels
ඔබ විවිධ labels යටතේ වර්ගීකරණය කල blog posts මෙමගින් දිස්වීමට සැලස්විය හැකියි. blog අඩවියකට ඉතා වැදගත් gadget එකකි.


18. Subscription Links
මෙම gadget එක භාවිතයෙන් ඔබගේ blog අඩවිය පරිශීලකයන්ට වඩාත් පහසුවෙන් Google reader, Bloglines, My yahoo වැනි feed readers සමග සම්භන්ධ වීමට පුලුවන්. blog අඩවියකට වැදගත් gadget එකක්.

19. Profile
මෙම gadget එක භාවිතයෙන් ඔබට ඔබ ගැන කෙටි විස්තරයක් එක් කිරීමට පුලුවන්.



20. Blog Archive
මෙම gadget එක මගින් ඔබගේ පැරණි blog posts වෙතට ගමන් කිරීමට links ලබාදේ. blog අඩවියකට ඉතා වැදගත් gadget එකකි.


අපි මෙතනදී කතා කලේ gadgets කිහිපයක් පමණි. නමුත් අපට ප්‍රයෝජනවත් gadgets බොහෝ ගනනක් තියෙනවා. ඒවා පිලිඹදව විස්තර පසුවට බලාපොරොත්තු වෙන්න.

මේ සම්භන්ධව තේරුම් නැති දෙයක් තියෙනවා නම් හෝ යමක්  add කිරීමට කැමති නම් Comments මගින් ඉදිරිපත් කරන්න.

ඔබට මෙම ලිපියෙන් ප්‍රයෝජනයක් ලැබුනා නම් පහලින් දිස්වන +1 Recommend this on Google  මත click කරන්න අමතක කරන්න එපා..

 

No comments:

Post a Comment