Saturday, August 3, 2013

Blogger වෙබ් අඩවියක් නිර්මාණය කිරීම (Part 01)




Blog අඩවියක් නිර්මාණය කිරීම හා නඩත්තු කිරීම පහසු කටයුත්තක්. ඒ සඳහා ඔබට web development, graphics design වාගේ දේවල් ගැන වැඩි දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නෑ. සාමාන්‍ය internet භාවිතය ගැන දැනුමක් තිබුනොත් හොදටම ඇති.

මේවන විට ලංකාව තුල internet පාවිච්චි කරන සංඛයාව ඉතා ඉහලයි. ඉතින් ඒ අයටත් පුලුවන් තමන්ගේම කියලා blog අඩවියක් නොමිලයේ සාදාගෙන තමන්ගේ දැනුම, අදහස්, සංකල්පනා ලෝකයත් සමඟ බෙදාගන්න.

ඒ වගේම ඔබට ඔබගේ blog අඩවිය භාවිත කර අතිරේකව මුදල් හොයන විදියත් කියලා දෙන්නම්.

කිසි වියදමක් යනනනේ නැතුව blog එකක් සාදා අලංකාර කර internet තුල ප්‍රචලිත කරන විදිය මේ web site එක හරහා කියලා දෙන්න සූදානම්.

නොමිලයේ blog අඩවි සාදාගත හැකි සේවා සපයන ආයතන අන්තර්ජාලය තුල බොහෝ ප්‍රමාණයක් තියෙනවා. blogger.com, wordpress.com, typepad, weeby.com, webnode.com මේ වඩා ජනප්‍රිය සේවා සපයන ආයතන කිහිපයක්.

මෙම වෙබ් අඩවියෙන් කියලා දෙන්න යන්නේ blogger සේවා සපයන ආයතනය සමඟ blog එකක් සාදන ක්‍රමයි.

Blog අඩවියක් සෑදිමට පෙර එය මනා ලෙස සැලසුම් කිරීම (Plan) ඉතා වැදගත්.

1. Blogging Subject - බ්ලොග් මාතෘකාව
            Blog අඩවියකට ගැලපෙන මාතෘකාවක් තෝරා ගැනීම ඉතා වැදගත්. එය මත ඔබගේ පාඨකයන් සංඛ්‍යාව, blog අඩවියේ ආයු කාලය, Search Engine Optimization (පසුව කියලා දෙන්නම්) සඳහා වැදගත්. එම නිසා ඔබට පහසුවෙන් කරුනු එක්කර ගත හැකි(අන්තර්ගතය), දීර්ග කාලීනව පවත්වාගෙන යාහැකි, අනෙකුත් web/blog අඩවි වලින් හැකි තරම් ආවේනික, තරඟකාරී මාතෘකාවක් තෝරා ගැනීම සුදුසුයි. ඒ වාගේම පාඨකයන් අතරට ඔබගේ blog අඩවිය ජනප්‍රිය වීමටද වැදගත්වේ.

2. Blogging Medium - බ්ලොග් මධ්‍ය
           ඔබට English, සිංහල හෝ වෙනත් භාෂාවක් භාවිත කර blog අඩවිය කරගෙන යාමට පුලුවන්. English හැර වෙනත් භාෂාවක් භාවිත කරනවා නම් unicode අකුරු භාවිත කර blog අඩවිය සකසන්න පුලුවන්.
සිංහලෙන් blog ලියමු.

3. Blogging Purpose - බ්ලොග් අරමුණ
            blog අඩවිය භාවිත කර ඔබගේ දැනුම, අදහස්, සංකල්පනා හුවමාරු කරගන්න පුලුවන්. ඒ වගේම අතිරේකව යම් මුදලක් ඉපයීමේ බලාපොරොත්තුවන්ද blog අඩවියක් නිර්මාණය කරන්න පුලුවන්. තවද ඔබගේ භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රසිද්ධ කිරීමට, විකිණීම ඒ ඔස්සේ කර ගැනීමට පුලුවන්.


4. Blogging Monetize - බ්ලොග් මුදල් ඉප‍යීම
           ඔබගේ blog අඩවිය භාවිත කර මුදල් ඉපයීමට බලාපොරොත්තු වෙනවා නම් ඉතා ක්‍රමානුකූලව ඒ සදහා සූදානම් විය යුතුයි. උපයන මුදල් ප්‍රමාණය ඔබගේ පාඨකයන් ප්‍රමාණය මත රදාපවතින නිසා හැකිතාක් පාඨකයින් ගනන වැඩිකර ගැනීමට උනන්දු විය යුතුයි. මේ සම්භන්ධව ඉදිරියේදී ලිපි බලාපොරොත්තු වෙන්න.

5. Blogging Content/Posts - බ්ලොග් අන්තර්ගතය
ඔබගේ අන්තර්ගතයේ තිබෙන Text, Images, Video පිලිඹඳව සැලසුම් කරන්න. එය වඩාත් ආකර්ෂණීය blog අඩවියක් සදහා වැදගත්.
ඉදිරිපත් කරන පිටුවක/post එකක කරුණු ප්‍රමාණය ගැනද සැලකිලිමත් විය යුතුයි. එයට එකතු කරන පිටුවක වචන ප්‍රමාණය 300 සිට 750 අතර පවත්වාගෙන යාම වැදගත්. පිටුව වඩාත් දීර්ඝ වූ විට පාඨකයන්ට කියවීමට හිත යොමු නොවේ. එසේ වුවහොත් වෙනත් පිටුවකට/post එකකට එය ගෙන යාම වඩාත් සුදුසුයි.
blog අඩවියකට එකතුකරන තොරතුරු නිවරදි, ක්‍රමාණුකූල හා සංවිධානාත්මක විය යුතුයි. එසේ නොමති උවහොත් ඔබගේ කරුණු කෙතරම් වැදගත් වුවත් එය පාඨක සංඛ්‍යාව අඩුවීමට බලපාවී.
වඩාත් තරඟකාරී, කාලෝචිත කරුණු/post එක් කිරීම පඨකයන් ප්‍රමණය වැඩිකර ගැනීමට වැදගත්.
blog අඩවියට posts එකතු කරන කාල සීමාවද වැදගත්වේ. හැකිතාක් කරුණු එක්කිරීමෙන් පාඨක සංඛ්‍යාව මෙන්ම Search Engine Optimization සඳහාද වැදගත්වේ.
ඉහත දැක්වූ කරුණු සම්භන්ධව දීර්ඝ වශයෙන් ඉදිරියේදී ලිපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබටත් එම ලිපි e-mail හරහා ලබා ගැනීමට පුලුවන්. ඒ සඳහා මෙම blog අඩවියේ 'Enter your email address:' ලෙස දක්වා ඇති කොටසේ ඔබගේ e-mail ලිපිනය සදහන් කර Subscribe බටනය මත click කරන්න.

Happy Blogging... Thank you!

ඔබට මෙම ලිපියෙන් ඔබට ප්‍රයෝජනයක් ලැබුනා නම් පහලින් දිස්වන +1 Recommend this on Google මත click කරන්න අමතක කරන්න එපා..

02 කොටස ඉදිරියේදී.......

No comments:

Post a Comment