Tuesday, September 3, 2013

Blogger වෙබ් අඩවියක් නිර්මාණය කිරීම (Part 04)

                      Default Templates භාවිත කරමු.

 

මෙම පාඩමින් Blogger default templates භාවිත කර blog design එක වෙනස් කරන්නේ කෙසේදැයි බලමු.

Blogger මගින් ඔබේ blog අඩවියට භාවිත කළ හැකි templates විශාල සංඛ්යාවක් නොමිලයේ ලබාදී තිබෙනවා. අපිට ඒවා භවිත කර blog අඩවියට ලස්සන පෙනුමක් එක්කර ගත හැකියි.

ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

1. blogger.com වෙත ගොස් ඔබගෙ Account එකට log වෙන්න.
2. ඉන්පසු Dashboard වෙත ගොස් අදාල template වෙනස් කරන blog එක වෙත යන්න.
3. එහි දිස්වෙන Templates tab මත Click කරන්න.
4. Customize බටනය  Click කරන්න. එයින් ඔබව Blogger Template Designer වෙත ගෙන යාවි.
5. අලුත් Template එක දමන විට සමහර විට ඔබගෙ පරණ Template එකේ ඇති Widget නැතිවෙල යන්න පුලුවන් ඒ නිසා එම widgets, වෙනම notepads තුලට දමා Save කරගන්න. ඒ වගේම පරණ Layout එකේ Print Screen එකක් තියාගතහොත් හොඳයි. ඔබ අලුතෙන් Widget දැම්මේ නැතිනම් මෙම පියවර නොසලකා හරින්න.
6. එහි Template tab වින්ඩෝවෙන් ඔබ කැමති Template එකක් Select කරන්න.
7. ඔබට Templates වෙනස් කරමින් ගැලපෙන එක Select කර ගැනීමට පුලුවන්. එහි පහලින් දිස්වෙන වින්ඩෝවෙන් ඔබගේ Blog අඩවිය එම Template හමුවේ දිස්වන ආකාරය බලා ගැනීමට පුලුවන.
8. ඉන්පසුව Apply to blogger බටනය Click කරන්න.
9. Back to blogger  ලින්ක් එක මත Click කරන්න.
10. View blog බටනය Click කිරීම මගින් නව මුහුණුවරක් ගත් ඔබගේ Blog අඩවිය දර්ශණය වේවි.

මීට අමතරව තුන්වන පාර්ශවයකින්  Download කල template එකක් භාවිත කර Templates මාරු කරන ආකාරය මේ සබැදිය ඔස්සේ යන්න

Blogger Template එක මාරු කරමු.
මේ සම්භන්ධව තේරුම් නැති දෙයක් තියෙනවා නම් හෝ යමක්  add කිරීමට කැමති නම් Comments මගින් ඉදිරිපත් කරන්න. ඒ වගේම යෝජනා චෝදනාත් ඉදිරිපත් කරන්න. සියල්ල සාදරයෙන් පිලිගන්නවා..
ඔබට මෙම ලිපියෙන් ප්‍රයෝජනයක් ලැබුනා නම් පහලින් දිස්වන +1 Recommend this on Google මත click කරන්න අමතක කරන්න එපා...

ස්තුතියි...

 

 

No comments:

Post a Comment